28.9 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසරසවි අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජනය අඛණ්ඩව

සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජනය අඛණ්ඩව

අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව අදත් (05) ක්‍රියාත්මකයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මැයි මස 02 වැනිදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් සමඟ සිදුකළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි එම සමිති සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී රිච්මන් පැවසුවේ.