28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගාසා තීරයේ පාසලකට ගුවන් ප්‍රහාරයක්

ගාසා තීරයේ පාසලකට ගුවන් ප්‍රහාරයක්

ගාසා හි එක්සත් ජාතීන් විසින් පවත්වාගෙන ගිය පාසලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සිය ගණනක් අවතැන් වූවන් රැඳී සිටි බව සඳහන්.

කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ මෙම පාසල හමාස් කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය බවයි.

ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා. පාසලේ ඉහළ මහලේ පන්ති කාමර දෙකකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කෙරුණු බව ගාසා හි රැඳී සිටින ජනමාධ්‍යවේදියෙක් බීබීසී පුවත් සේවය වෙත පවසා තිබුණා.

මේ අතර නවතම වාර්තාවක් නිකුත් කරමින යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ගාසා හි පෝෂ්‍යදායී ආහාර වේලක් හිමිවන්නේ දරුවන් දස දෙනෙක් අතුරින් එක් අයෙකුට පමණක් බවයි.

ඔවුන් බොහෝ විට දිනකට ආහාර වේල් දෙකකින් හෝ එකකින් යැපෙන බව අදාල වාර්තාවේ සඳහන්.

ගාසා තීරයේ, මාස ගනනාවක් තිස්සේ පවතින් සටන් සහ මානුෂීය ආධාර සීමා කිරීම් හේතුවෙන් ආහාර සහ සෞඛ්‍ය පද්ධති බිඳ වැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසනවා.