― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට වවුචර් පත්

සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට වවුචර් පත්

වැඩිවියට පත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදී ආරම්භ කෙරුණා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සඳහා රුපියල් බිලියනයක් ආයෝජනය කර තිබෙනවා.

සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත්, ආර්තව සමය තුළ ඔවුන් මුහුණ දෙන ගැටලු‍ හා සෞඛ්‍යමය නොදැනුවත්භාවය හේතුවෙන් අධ්‍යාපනය සඳහා නිසි අවධානයක් යොමු නොවීම වැනි අහිතකර තත්වයන් වළක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඒ අනුව එක් සිසුවියකට රුපියල් 1200ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇත.

මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකිය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලත් සනීපාරක්ෂක තුවා මෙහිදී පාසල් සිසුවියන්ට ලබාගැනීමේ අවස්ථාව පවතිනවා.

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත වන අතර එය රුපියල් 600ක වටිනාකමින් යුත් ‘ඒ’ හා ‘බී’ ලෙස කොටස් දෙකකින් සමන්විතයි.

පළමුව එහි ‘ඒ’ කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 – 2024.07.10 දක්වා වේ. අනෙක් ‘බී’ කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 – 2024.09.30 අතර කාල සීමාවේ දී ය. එම කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදු කළ යුතු වේ.