― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅමෙරිකානු කණ්ඩායමට වාර්තාගත ජයක්

අමෙරිකානු කණ්ඩායමට වාර්තාගත ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇමරිකානු කණ්ඩායම සමත් වුණා.

පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තරගය ඇමරිකානු කණ්ඩායම ජයගත්තේ සුපිරි පන්දුවාරයේ දීයි. ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇමරිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කළා.

එහිදී පාකිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 159ක් ලකුණු පුවරුවට එක් කළා. පාකිස්ථානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 44ක් සහ ෂඩාබ් ඛාන් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමඟ තරගයේ ලකුණු තත්ත්වය සම වුණා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් දක්වා එය රැගෙන යාමටයි සිදුවුණේ. එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇමරිකාව කණ්ඩායම නියමිත පන්දු 06 තුළ ලකුණු 18ක් රැස් කළා.

අනතුරුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 19ක ඉලක්කය හඹා ගිය පාකිස්ථාන ක්‍රීඩකයින්ට සුපිරි පන්දු වාරයේ දී එක් කඩුල්ලක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 13ක් පමණයි.

ඒ අනුව ඇමරිකා කණ්ඩායම, පාකිස්ථාන කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී ලකුණු 05ක් පරදා ඉතිහාසයේ පළමුවරට විස්ස්සයි විස්ස ඓතිහාසික තරග ජයක් හිමි කරගැනීමට සමත් වුණා.