― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅයහපත් කාලගුණයෙන් වගා හානි රැසක්

අයහපත් කාලගුණයෙන් වගා හානි රැසක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කුඹුරු අක්කර 15,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා අවධාරණය කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වගා හානි විශාල ප්‍රමාණයක් සිදුව ඇති බවත් කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුව මගින් ගණනය කිරීමෙන් අනතුරුව වගා හානි සඳහා වන්දි ලබාදීමට පියවර ගන්නා බවත්ය.

මෙම තත්ත්වය තුළ ඉදිරි කාලය තුළ මිලඑළවළු ඉහළ යාමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.