― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඋතුරේ සංවර්ධනයට ජනපතිගේ විශේෂ අවධානය

උතුරේ සංවර්ධනයට ජනපතිගේ විශේෂ අවධානය

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ අවධානය යොමු වී තිබෙන බවත් ඒ සඳහා එම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර දී තිබෙන බවත් ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය සමයේ පසුබෑමට ලක්ව තිබූ ආර්ථිකය මේ වන විට ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙන අතර ඒ සමඟ ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යව එහිදී සඳහන් කළේ.

ජනතාව අද වන විට යම් ප්‍රමාණයකට තම අවශ්‍යතා සපුරා ගනිමින් සිටිනවා. මේ වන විට වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවල රජයේ දැවැන්ත ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුබෑමට ලක්ව තිබූ මේ රටේ ආර්ථිකය යළි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කළ නිසයි. එමනිසා පසුගිය සමයේ පැවති තත්ත්වයට සාපේක්ෂව ජනතාව ද යම් ප්‍රමාණයකට තම අවශ්‍යතා සපුරා ගනිමින් සිටිනවා. ආර්ථික වශයෙන් දුර්වලව සිටි ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතිනවා.

ඒ වගේම ජනාධිපතිවරයා ‘උරුමය’ වැඩසටහන යටතේ ලක්ෂ 20ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම ආරම්භ කර තිබෙනවා. පසුගියදා උතුරු පළාතට පැමිණි ජනාධිපතිවරයා අප පළාතේ එම ඉඩම් ඔප්පු ලබාදීම ආරම්භ කළා. ඒ යටතේ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 18,000ක් පමණ සහ වවුනියා දිස්ත්‍රික්කය සඳහා ඉඩම් ඔප්පු 10,000ක් පමණ ලබා දීමට නියමිතයි. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ද ඉඩම් ඔප්පු 12,000ක් පමණ ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

එසේම එම ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය නැංවීම සඳහා එළුවන් මෙන්ම වගා කටයුතු වෙනුවෙන් බීජ බෙදාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි. තවද ආර්ථික අර්බුද සමයේ අතර මඟ නතර වූ කිලෝමීටර් 15ක පමණ මාර්ග සංවර්ධන කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා. තවද යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ඒ වෙනුවෙන් එම ප්‍රදේශය නියෝජනය කරන සිටින මන්ත්‍රීවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද වෙන්කර දී තිබෙනවා. ඒ වගේම යුධ සමයේදී තම ඉඩම් අහිමි වු ජනතාවගේ ඉඩම් යළි ලබාදීමේ වැඩ කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

අප ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ සංචාරයේ දී විශේෂ අවධානයක් යොමු කෙරුණා. එහිදී පුත්තලම ඉලවංකුලම් හරහා මරිචුක්කට්ටි, මන්නාරම ඔස්සේ යාපනය දක්වා දිවෙන මාර්ගය විවෘත කිරීමේ අවශ්‍යතාව ද අප විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. පසුගිය දිනවල අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විශාල ජනතාවක් ආපදාවට ලක්වුණා. එම ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.”