― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsතරුණ තරුණියන් වෙනුවෙන් දියුණු රටක් ගොඩනගනවා

තරුණ තරුණියන් වෙනුවෙන් දියුණු රටක් ගොඩනගනවා

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) ඒකල ප්‍රදේශයේ ඉදිකෙරුණු Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළේය.

අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් පෙළෙන තරුණ තරුණියන්ට හොඳ රටක් නිර්මාණය කර දීමට ඉදිරි වසර තුන තුළදී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

අද මෙම සමාගම මඟින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් නිර්මාණය කර දී තිබෙනවා. අප ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. මෙවැනි හොඳ රැකියා අද මේ රටට අවශ්‍යයි. අද විරැකියාව මේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභීන් ද විශාල පිරිසක් සිටිනවා. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ මේ රටේ නව රැකියා අවස්ථා බිහි වුණේ නැහැ. වසර 04ක විරැකියාවක් අද මේ රටේ තිබෙනවා. ඒ අනුව විරැකියාව සහ ජිවන බර අඩු කිරීමේ ප්‍රශ්නයට අප අද මුහුණ දී සිටිනවා. 2019 වසරේදී සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ විග්‍රහය අනුව රටේ බහුමාන දරිද්‍රතාවය 15%යි. පසුව එය 25%ට වැඩි වුණා. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් මේ රටේ තරුණ තරුණියන්ට අනාගතයක් නැති වෙනවා. අපේ ප්‍රධාන කාර්ය වන්නේ තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීමයි. ඒ වෙනුවෙන් රට තුළ සීග්‍ර සංවර්ධනයක් ඇති කළ යුතුයි.

මම ජනාධිපති ධූරයට පත්වන විට මේ රට ආර්ථික වශයෙන් විශාල කඩා වැටීමකට ලක්ව තිබුණා. ඇතැමුන් සිතුවේ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට වසර 05ක්, 06ක් ගතවනු ඇති බවයි. අනාගතයක් නොමැති බව පවසමින් ඇතැම් පිරිස් රටින් පිටවෙලා ගියා. නමුත් වසර දෙකකින් රටේ ආර්ථිකය හොඳ තත්ත්වයට ගෙන ඒමට හැකි බව මම විශ්වාස කළා. කෙතරම් අසීරුතා තිබුණත්, අපට යම් කිසි ආර්ථික බරක් දරා ගැනීමට සිදු වුණත්, එය කෙටි කාලයකට සීමා කර රටේ ආර්ථිකය ශක්තිමත් කර ජීවන මාර්ග ගොඩනඟා ගත යුතුයි. ඒ වෙනුවෙන් වැට් බද්ධ ඉහළ දැමීමට සිදුවුණා, ඒ නිසා ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වීමට ද සිදු වුණා. නමුත් වසර දෙකක් ගතවීමට පෙර රුපියල ශක්තිමත් වී අද රටක් ලෙස ඉදිරියට යාමට අපට හැකි වී තිබෙනවා.

පසුගිය කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලැබුණා, රටට සංචාරකයන් පැමිණීම ආරම්භ වුණා. රටේ ජනතාවගේ හැකියාව සහ දක්ෂතාව අනුවත්, රජයේ නිවැරදි සැලසුම් නිසාත් අද රටේ ආර්ථිකය ඉදිරියට පැමිණ තිබෙනවා. අද අප කථා කළ යුතුව තිබෙන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇතිවයි. එසේ නොමැතිව ඕපා දූප කථා කර ඵලක් නැහැ. රටේ සැබෑ දේශපාලන ප්‍රශ්නය පිළිබඳ කථා කළ නොහැකි නිසා සහ ඒවාට විසදුම් සෙවිය නොහැකි නිසා අද තරුණ තරුණියන් පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී සිටිනවා. එය අප සියලුදෙනා පිළිගත යුතුයි. අප මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ඉදිරියට යා යුතුයි.

තව මාස කිහිපයකින් අපි රටක් ලෙස බංකොළාත්භාවයෙන් ඉවත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පමණක් නොව ණය දුන් රටවල් සහ පුද්ගලික සංවිධාන සමඟ ද අප දැන් ඊට අදාළ සාකච්ඡා පවත්වාගෙන යනවා. නමුත් මෙතනින් සියල්ල අවසන් වන්නේ නැහැ. එක තැන සිටියහොත් අප නැවත වැටෙනවා. එසේනම් අප ඉදිරියට යා යුතුයි. අප ඉදිරියට යන විට බොරු පොරොන්දු දී වැඩක් නැහැ. හැම දෙනාම බොරු පොරොන්දු දෙනවා. නමුත් අද අප වෙත පැවරී ඇති වැඩකොටසක් තිබෙනවා. ඒ නිසා නිකරුනේ වේදිකා මත පොරොන්දු දෙන්නේ එපා. මේ වනවිට ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. එහි ඉලක්ක ගණනාවක් තිබෙනවා. 2027 වන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය 5%ක වේගයෙන් වර්ධනය විය යුතුයි. එය මෙතෙක් කල් පැවතුනේ සෘණ අගයකයි. 2027 න් පසු අප 8%ක ආර්ථික වර්ධන වේගයක් කරා යා යුතුව තිබෙනවා. රට සංවර්ධනය වන විට එහි ආර්ථික වර්ධන වේගය වසර 15ක්වත් 8%ක මට්ටමේ තබා ගත යුතුයි. ලොව බොහෝ රටවල් එම දියුණුව උදා කරගත්තා. චීනය, වියට්නාමය, මැලේසියාව, තායිලන්තය, සිංගප්පුරුව, බංගල්දේශය මේ සියලු රටවල් එම දියුණුව ලබා ගත්තා. අප රටද එම තත්ත්වයට ළඟා විය යුතුයි.

මෙරට විරැකියාව 2025 වසර වන විට 5%ක් දක්වා අඩු කළ යුතුයි. 2040 වන විට මේ රටේ අපනයන ආර්ථිකයක් තිබිය යුතුයි. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මේවා සිදු කළ හැකි දේ බවට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. එම එකඟතාව නීතියක් සම්මත කර ගැනීමට අප කටයුතු කරනවා. කුමන ආණ්ඩුවක් බලයට පැමිණියක් කුමන නායකයෙක් මේ රට භාරගත්තත් මේ එකඟතාවන් සමඟ ඉදිරියට යා යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරැදි කරන පළමු පියවර අප තබා තිබෙනවා. තරුණ තරුණියන්ට හොඳ රටක් පිළිබඳ නව බලාපොරොත්තුවක් ලබාදීමට ඊළඟ වසර දෙක, තුනක කාලය තුළ කටයුතු කළ යුතුයි.

එහිදී ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කළ යුතුයි. නව රැකියා අවස්ථා බිහි කළ යුතුයි. ඒ වෙනුවෙන් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. අද ග්‍රාමීය ජනතාවගේ ආදායම පහළ මට්ටමක තිබෙනවා. නවීන කෘෂිකර්මාන්තය තුළින් කෘෂි අපනයන ආර්ථිකයක් ඇති කර ග්‍රාමීය ආදායම වර්ධනය කළ යුතුයි. මෙම වැඩපිළිවෙළ පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් සිදු කිරිමට අප බලාපොරොත්තු වෙනවා. දැන් රට තුළ නව රැකියා අවස්ථා බිහි වෙමින් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය හරහා වසරකට සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් දැනට තිබෙන හොටල් කාමර ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා නව හොටල් ඉදි කළ යුතුයි.

ඒ වගේම සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට ද කටයුතු කර තිබෙනවා. රජයේ වෘත්තීය පුහුණු අංශ පෞද්ගලික අංශ සමඟ ඒකාබද්ධ කර වර්තමානයට ගැළෙපෙන වෘත්තිකයන් බිහි කිරීමට කටයුතු යුතුයි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ අංශයට, ඩිජිටල් අංශය දියුණු කිරීම සඳහා රජයෙන් මුදල් ලබාදිය හැකියි. මේ සඳහා ඉදිරිපත් වන තරුණ තරුණියන්ට අප උදව් කළ යුතුයි. තොරතුරු තාක්ෂණ දැනුමින් සන්නද්ධ 23,000ක පිරිසක් වසරකට බිහිවෙනවා. මේ පිරිස 50,000ක් දක්වා වැඩි කළ යුතුයි. නව කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. විදේශ ආයෝජනද මෙරටට කැඳවා ගත යුතුයි. ඒ වෙනුවෙන් ආයෝජන කලාප අක්කර 10,000ක් ඇති කරනවා. මේවා පාලනය කරන්න වෙනම අධිකාරියක් බිහි කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 3000ක්, යාපනයේ දිස්ත්‍රික්කයේ අක්කර 1500ක්, ත්‍රිකුණාමලයේ අක්කර 4000ක් ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කරනවා. ඒ ආකාරයට අක්කර 10,000ක වෙළඳ කලාප රට තුළ ඇති කරනවා. මෙමඟින් විශාල ආර්ථික දියුණුවක් ඇති කරනවා.

යුද්ධයකින් පසුව ආර්ථිකය දියුණු කරන්න වියට්නාමයට හැකි වුණා. ඉන්දුනිසියාවට සහ මැලේසියාවට ද මේ ආර්ථික ගමන යන්න පුළුවන් වුණා. අපට හැමදාම හිඟන ජාතියක් ලෙස ජීවත් වෙන්න බැහැ. තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් සකස් කර දිය යුතුයි. ඒ වෙනුවෙන් අප රටක් ලෙස ස්ව ශක්තියෙන් නැගී සිටිය යුතුයි.”