28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipකන්ගනාගේ කම්මුලට ගැසූ නිලධාරිනියට වැඩ වරදී

කන්ගනාගේ කම්මුලට ගැසූ නිලධාරිනියට වැඩ වරදී

ජනප්‍රිය බොලිවුඩ් නිළියක සහ දේශපාලඥයෙකු වන කන්ගනා රනවුත්ට කම්මුල් පහරක් එල්ල කළ කාන්තා පොලිස් නිලධාරිනියගේ වැඩ තහනම් කර තිබෙනවා.

නිළි කන්ගනා රනවුත් පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මැන්ඩි මැතිවරණ කොට්ඨාශයෙන් භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළාය.

ඒ අනුව ඇය ඊයේ දිල්ලිය බලා යාමට චන්දිගාර් ගුවන්තොටුපළට ගිය අවස්ථාවේදී ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි කාන්තා පොලිස් නිලධාරිනියක් වන කුල්වින්දර් කෞර් එක්වරම කන්ගනාගේ කම්මුලට පහරක් එල්ල කර තිබුණා.

කන්ගනාගේ ආරක්ෂකයින් සහ ගුවන්තොටුපලේ ආරක්ෂක අංශ වහාම එම පොලිස් නිලධාරිනිය එතැනින් ඉවත් කිරීමට කටයුතු කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සිද්ධිය හේතුවෙන් ගුවන්තොටුපළේ නොසන්සුන්තාවක් ද හටගත් අතර පරීක්ෂණය අවසන් කිරීමෙන් පසු කන්ගනා ගුවන් යානයට නැගී දිල්ලිය බලා පිටත්ව ගියාය.

කෙසේනමුත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ කන්ගනා රනවුත් අදාළ කාන්තා පොලිස් නිලධාරිනියට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බවයි.