28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentමෝටර් රථයක් පෙරළී කාන්තාවක් රෝහලේ

මෝටර් රථයක් පෙරළී කාන්තාවක් රෝහලේ

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් කාසල්රී ජලාශය අසළට පෙරළීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් ප්‍රපාතයෙන් පිහිටි කාසල්රි ජලාශය අසළට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූ කාන්තාව දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මස්කෙළිය ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබූ මෙම මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට පැමිණි බස් රථයකට ඉඩ ලබාදීමට යාමේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇති බවයි විමර්ශනවලදී අනාව්‍රාණය වී ඇත්තේ.

අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි පොලීසිය පැවසුවේ.