ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් තරම් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂිකා ජුලි කොසැක් සඳහන් කළේ ශ්‍රී ලංකාව බාහිර වාණිජ ණය හිමියන් සමඟ ද ගිවිසුම්වලට ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවකින් පසුවන බවයි.