― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඇත් දළ යුගලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඇත් දළ යුගලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේදී ඇත් දළ යුගලක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරුවෙකු විසින් එම ඇත් දළ යුගල වෙනත් අයෙකුට අලෙවි කිරීමට යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු මෙම ඇත් දළ යුගල රුපියල් ලක්ෂ 05ක පමණ මුදලකට අලෙවි කිරීමට උත්සාහ දරා ඇති අතර පොලිස් උපාය දූතයෙකු මාර්ගයෙන් සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.