― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsජෙරම්ගේ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

ජෙරම්ගේ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූලි මස 22 වන ද යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (10) මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉදිරිපත් කළ සර්ව ආගමික නායකයින් අතරින් තුන්දෙනෙකු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවට දැනුම් දී ඇතැයි පැවසුවා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් කරනු ලැබූ නියෝගයට අනුව මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කළ විමර්ශනවල සියලු වාර්තා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මීට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ සලකා බලා ඇති නිසා එය අගවිනිසුරුවරයාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීම සුදුසු බව නිගමනය කෙරුණා.

ඒ අනුව අදාළ පෙත්සම ජූලි මස 22 වැනිදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.