― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙනු ලබන රුපියල් 2500 ක දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගියදා පැවති කැබිනට් අනුකමිටු රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ තීරණයකට අනුවයි මෙලෙස පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාව තුළ දැනට පෙර පාසල් ගුරුවරුන් ලෙස සේවය කරන පිරිස 34,000ක් පමණ වීම විශේෂත්වයකි.