― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News13 ගැන පම්පෝරි ගහන අයට ඡන්දෙවත් හරියට තියාගන්න බෑ

13 ගැන පම්පෝරි ගහන අයට ඡන්දෙවත් හරියට තියාගන්න බෑ

පළාත් සභා ඡන්දයවත් තියන්න බැරි නායකයන් 13 වැනි සංශෝධනය ගැන කතා කරන්නේ කොහොමද කියා සිතාගත නොහැකි බවත් උතුරු පළාතට පමණක් නොව මුළු රටටම සංහිඳියාව, සහෝදරයත්වය, වගවීම හා වගකීම අවශ්‍ය බැවින් සමගි ජන බලවේග රජයක් තුළ ලබන වසරේ මුල් භාගයේ පළාත් සභා මැතිවරණය පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (10) යාපනය පේදුරුතුඩුව, කොට්ටවට්ටි ඇමෙරිකන් දමිළ මිශ්‍ර පාසලට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

විවිධ නායකයන් යාපනයේ ජනතාව දේශපාලන සංගීත පුටු සෙල්ලමකට ලක් කර ඇති බවත් විවිධ අවස්ථාවල පැමිණ විවිධ දේවල් කරනා බවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අමුතු දෙයක් නොව එය අප රටේ නීති පොතේ ඇති දෙයක් බවත් කවුරු ඒ ගැන කුමන කතා කිව්වත් අද 13 වැනි සංශෝධනයෙන් බිහි කළ පළාත් සභා සියල්ල අක්‍රීය වී ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ පළාත් සභා ඡන්දය පැවතුනු ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

මේ වනවිට පළාත් සභා නොමැති වුවත් පළාත් සභාවේ සභාපතිවරයා වැටුප් ලබන බවත් නමට පළාත් සභා තිබුණත් මහජන නියෝජිතයන් හරහා පොදු ජනතාවට සිදුවිය යුතු සේවාව ඉටු නොවන නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම නීති සම්පාදනය කර පළාත් සභා ක්ෂේත්‍රය හරහා සේවයක් අපේක්ෂා කරනා සියලු දෙනාට සාධාරණයක් ඉටු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටට දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ තුළින් සුහුරු රටක් බිහි කළ යුතු බවත් ඒ සඳහා සුහුරු අධ්‍යාපනයක් අවශ්‍ය බවත් එහි දී සිංහල පමණයි දමිළ පමණයි කිය කියා නොසිට ඉංග්‍රීසි භාෂා හා පරිගණක තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ යුතු බවත් ලෝකයේ ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සැපයුම ලබා දෙන විෂය නිර්දේශයක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම යාපනය දිස්ත්‍රික්කයත් උතුරු පළාතේ සෙසු ප්‍රදේශත් දැනුමේ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරනා බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.