― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඋසස් පෙළ විභාගය නොවැම්බරයේ

උසස් පෙළ විභාගය නොවැම්බරයේ

2024 උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ 2025 වර්ෂය වනවිට උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කඩිනමින් අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදෙන බවත් තාක්ෂණය හා දැනුම ශීඝ්‍රයෙන්‍ වෙනස් වන ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පවා කතාබහ වන කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් සම්බන්ධ අත්දැකීම් ද ශිෂ්‍ය ප්‍රජාවට ලබා දිය යුතු බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.