― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමලාවි උප ජනාධිපති රැගත් යානය අතුරුදන්

මලාවි උප ජනාධිපති රැගත් යානය අතුරුදන්

මලාවි උප ජනාධිපති Saulos Chilima ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අතුරුදන් වූ යානය සොයා ගන්නා තෙක් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙනවා.

51 හැවිරිදි චිලීමා ඊයේ (10) පෙරවරුවේ මලාවි ආරක්ෂක බළකායේ ගුවන් යානයකින් ලිලොන්ග්වේ අගනුවරින් පිටත්ව ගොස් ඇති බවයි මලාවි ජනාධිපති කාර්යාලය සහ කැබිනට් මණ්ඩලය පවසන්නේ.

යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වීමෙන් පසු යානය සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට ගුවන් බලධාරීන් ගත් උත්සාහය අසාර්ථක වී තිබෙනවා.