24 C
Colombo
Sunday, February 16, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsරුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම ගැන තීරණයක්

රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම ගැන තීරණයක්

මින් ඉදිරියට ශ්‍රී ලංකාවෙන් රුසියානු සන්නද්ධ හමුදාවන් සඳහා බඳවා ගැනීම් සිදු නොකරන බවට රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov එකඟතාව පළ කර තිබෙනවා.

මේ දිනවල රුසියාවේ සංචාරයක යෙදී සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි එරට විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීයි ඔහු මේ බව පවසා ඇත්තේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ BRICS 2024 විදේශ අමාත්‍ය සැසිවාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය අලි සබ්රි රුසියාව බලා පිටත්ව ගියා.

එමෙන්ම මෙම හමුවේදී සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට දෙරටේ විදේශ අමාත්‍යවරුන් එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් මේ වනවිට රුසියානු හමුදාව හා එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් ද අමාත්‍ය අලි සබ්රි එහිදී අදහස් දක්වා ඇති අතර ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ලෙසත් අමාත්‍යවරයා රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.