― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිජේදාසට එරෙහි වාරණය දීර්ඝ වෙයි

විජේදාසට එරෙහි වාරණය දීර්ඝ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ ඔහු එම පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (11) නියම කළා.

මෙම නඩුව අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව වාරණ නියෝගය මේ මස 25 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙසත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික මෙන්ම අමාත්‍යවරයකු ද වන ලසන්ත අලගියවන්න විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.