― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසජිත්ගෙන් උතුරේ ජනතාවට පොරොන්දුවක්

සජිත්ගෙන් උතුරේ ජනතාවට පොරොන්දුවක්

අප සියලු දෙනාම අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතු බවත් අතීතයේ මිහිරි හා අමිහිරි දේවල් ඇති බවත් ඒ දේවල් දෙකෙන්ම ජාති, ආගම්, කුල, ගෝත්‍ර, තරාතිරම්, පක්ෂ භේදයෙන් ඉවත් කර එක රටක එක ජනතාවක් ලෙස එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) යාපනය කන්කසන්තුරේ අලවෙඩ්ඩි අරුණෝදය විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එසේම අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන මිහිරි වුවත් අමිහිරි වුවත් අතීතයේ ජීවත් නොවී නව ගමනක් යාමට එක්වන ලෙසත් සෙසු දේශපාලනඥයන් විශ්වාස නොකළත් විපක්ෂයේ සිට රටට වැඩක් කළ තමාව විශ්වාස කරන ලෙසත් මෙතෙක් කල් කුඩම්මාගේ සැලකිල්ල ලැබුණු උතුරු නැගෙනහිර පළාත් ද්විත්වයටම සංවර්ධනයේ අරුණළු උදා කරන්න රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතා වන තමා පොරොන්දු වන බවත් විපක්ෂ නායකවරයා එහිදීඉ අවධාරණය කළේය.

සමගි ජන බලවේග රජයක් තුළ යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන ඉතිහාසයේ නව ගමනක්, නව පෙරළියක් හා හැරවුම් ලක්ෂයක් ආරම්භ කරනා බවත් යටිතල පහසුකම් මෙන්ම ජනතාවගේ සංවර්ධනය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්යේ ආසන මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කාර්මික ජනපද ආරම්භ කරනා බවත් සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කරනා බවත් යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක්, දැනුමේ කේන්ද්‍රස්ථානයක් හා උගතුන් හා බුද්ධිමතුන් බිහි කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.