ඉදිරියේදී බිත්තරයක උපරිම සිල්ලර මිල පහළ දැමිය හැකි බව ශ්රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙදපොළට පැමිණීම හේතුවෙනුයි මෙලෙස ඉදිරියේදී බිත්තර මිල පහළ යනු ඇත්තේ.
සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ ඒ අනුව බිත්තරයක මිල රුපියල් 45ක් දක්වා පහළ දැමිය හැකි බවයි.