― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිෂ වායුවක් ආඝ්‍රහණය වී 30ක් රෝහලේ

විෂ වායුවක් ආඝ්‍රහණය වී 30ක් රෝහලේ

පානදුර – නල්ලුරුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍යයක් විෂ වීමෙන් 30 දෙනෙකු පමණ රෝගාතුරව රෝහල්ගත කර තිබෙනවා.

පානදුර පොලිසිය පැවසුවේ එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් පිරිසක් මෙම විෂ ද්‍රව්‍ය ආඝ්‍රහණයට ලක්ව ඇති බවයි.

සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සිදු කිරීමේ දී යම් කිසි රසායනික ද්‍රව්‍යයක් වෙනස් වීමෙන් මෙම විෂ වීම සිදුව ඇති බවටයි හෙළි ව ඇත්තේ.

එබැවින් පරීක්ෂණ සිදුකර අවසන් වන තුරු කර්මාන්ත ශාලාව තාවකාලික ව වසා දැමීමට පොලිස් උපදෙස් ලබා දී තිබෙනවා.

රසායනික ද්‍රව්‍ය විෂ වූ පිරිස පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණා.