27.2 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentහදිසියේම බස් නැවතුම්පොළට කඩා වැදුණු බස් රථය

හදිසියේම බස් නැවතුම්පොළට කඩා වැදුණු බස් රථය

කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී අද (12) උදෑසන පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අනතුරෙන් පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

පාදුක්ක සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් බස් නැවතුම්පොළට ඇතුළු කිරීමට උත්සාහ දැරීමේදී බසයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථය ගොඩනැගිල්ලේ ගැටී නතර කර තිබූ තවත් බස් රථයක හැපී නතර වී තිබෙනවා.

අනතුරෙන් බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.