― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅක්කා බෑ කිව්වැයි නංගිව පැහැරගත් 20 පෙම්වතා

අක්කා බෑ කිව්වැයි නංගිව පැහැරගත් 20 පෙම්වතා

14 හැවිරිදි වියේ පසුවන පාසල් දැරියක් පැහැරගෙන ගොස් භූගත කුටියක සිර කර සිටියදී පොලිසිය විසින් දැරිය බේරාගැනීමෙ පුවතක් බුත්තල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 09 වැනිදා දැරිය පදිංචි නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනකු දැරියගේ පියාට තියුණු ආයුධයකින් පහර දී දැරිය පැහැරගෙන ගොස් තිබෙනවා.

නිවැසියන් විසින් පොලිසියට මේ බව දැනුම්දීමෙන් පසු මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය දැරියගේ පෙම්වතා බව කියන බුත්තල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එනමුත් දැරිය ගැන කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති අතර පසුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් තරුණයාගේ සමීප මිතුරන් දෙදෙනෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සිදු වූ සියල්ල පොලීසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා පාපොච්චාරණයට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බුත්තල නගර ආසන්නයේ නිවසක කාමරයක සකස් කර තිබූ භූගත කුටියක සගවා සිටි දැරිය සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් දැරියගේ වැඩිමහල් සොහොයුරිය සමඟ ප්‍රෙම සම්බන්ධයක් පවත්වා ඇති බවත් එම තරුණියට සැකකරු විසින් පැන යමු යැයි කී විට ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඉන්පසු සැකකරු එම තරුණියගේ නැගණිය සමඟද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පැහැරගත් දැරිය රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.