32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජයටම කරගෙන ගිය කසිප්පු තිප්පොලක් වටලයි

ජයටම කරගෙන ගිය කසිප්පු තිප්පොලක් වටලයි

මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැල්ලවාය පොලිසිය විසින් වටලා තිබෙනවා.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය රණ්දෙණිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම ප්‍රදේශයට මත්පැන් බෙදා දුන් ප්‍රධානතම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය මෙය වන අතර එම ස්ථානයේ තිබී නීතිවිරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා හා පෙරීම් උපකරණ රැසක් පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.