30 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, ගාල්ල, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගින් 26,084 ක් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.