― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිජේදාසට එරෙහි වාරණය දීර්ඝ වෙයි

විජේදාසට එරෙහි වාරණය දීර්ඝ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීමට වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (14) නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටියේ නැහැ.

ඒ අනුව අදාළ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවන නිසා එය දීර්ඝ නොකරන බවත් විනිසුරුවරිය සඳහන් කළා.

එහිදී අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින විජයදාස රාජපක්ෂ සහ සරත් ඒකනායක යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයමුදිතා ජයසූරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් උත්තර හා විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් ඉන් අනතුරුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තමන් වෙනත් නඩු විභාගයකට සහභාගි වී සිටි හෙයින් මෙම නඩුව සඳහා පෙනී සිටීමට නොහැකි වූ බවත් ඒ අනුව නඩුවට අදාළ වාරණ නියෝගය දීර්ඝ ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය නඩුවට අදාළ උත්තර හා විරෝධතා ගොනු කිරීමට ජූලි මස 18 වැනිදා දක්වා කල් දුන් අතර වාරණ නියෝගය ජූනි මස 28 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටත් නියෝග කළා.