31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධික උණුසුමෙන් හජ් වන්දනාකරුවන් 14ක් ජීවිතක්ෂයට

අධික උණුසුමෙන් හජ් වන්දනාකරුවන් 14ක් ජීවිතක්ෂයට

සෞදි අරාබියේ මක්කම නගරයේ අධික උණුසුම හේතුවෙන් හජ් වන්දනාවට පැමිණි වන්දනාකරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මියගොස් ඇති සියලුදෙනාම ජෝර්දාන ජාතිකයන් වන අතර තවත් 17 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

ජෝර්දාන බලධාරීන් පවසන්නේ අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.

එමෙන්ම ඉරාන හජ් වන්දනාකරුවන් 5 දෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වී ඇති නමුත් ඔවුන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම සතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ඉක්මවිය හැකි බවට සෞදි ජාතික කාලගුණ මධ්‍යස්ථානයේ පසුගිය සතියේ අනතුරු අඟවා තිබුණා.

සෞදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍යාංශය වන්දනාකරුවන් සඳහා අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත.

පසුගිය වසරේ හජ් වන්දනාව අතරතුර වන්දනාකරුවන් 240 ක් පමණ මියගොස් තිබෙනවා.