32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපදික මාරුවේදී අයෙක් නොඑන ගමන් ගිහින්

පදික මාරුවේදී අයෙක් නොඑන ගමන් ගිහින්

කළුතර නගරයේ පදික මාරුව මතින් ගමන් ගත් පුද්ගලයෙක් මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කළුතර දකුණ පොලිසිය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර, නාගොඩ, සංදර්ශනාරාම පාරේ පදිංචිව සිටි සඳුන් අරවින්ද නැමැති 46 හැවිරිදි පුද්ගලයෙකි.

මෝටර් රථය පැදවූ චීන ජාතිකයා හා මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර චීන ජාතිකයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.