27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇප මත සිටි අයෙක් හෙරොයින් සමඟ මාට්ටු

ඇප මත සිටි අයෙක් හෙරොයින් සමඟ මාට්ටු

හෙරොයින් හා මත්කරල් සමඟ සැකකරුවෙක් මහියංගණය, සොරබොර ජනපදයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (17) මහියංගණය, සොරබොර ජනපදයේ සිදු කළ හදිසි වැටලීමකදී හෙරෝයින් ග්‍රෑම් 13 ක්, අයිස් ග්‍රෑම් 03ක් සහ මත්කරල් 100 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තෙඔ 27 හැවිරිදි වියේ පසුවන මහියංගණය, කෝවිල්යාය, සොරබොර ජනපදයේ පදිංචිකරුවෙක්.

සැකකරුට විරුද්ධව මහාධිකරණයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු හතරක් පවතින අතර ඒ සඳහා ඇප මත සිටියදී ඔහු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.