― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතුරුදන්ව සිටි දරුවා කැළෑවකින් හමුවෙයි

අතුරුදන්ව සිටි දරුවා කැළෑවකින් හමුවෙයි

නෝර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේදී ඊයේ (17) අතුරුදහන් වූ සිව් හැවිරිදි පිරිමි දරුවා එම වතුයායේම ළඳු කැළෑවක සිටියදී අද (18) සොයාගෙන තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී තිබුණේ නල්ලතන්නිය, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිවනාදන් අභිලාෂ් නැමැති දරුවෙකි.

සිය දෙමව්පියන් සමඟ නෝර්වුඩ්, ඩන්කන් වතුයායේ පිහිටි ඥාති නිවසක පැවති විවාහ උත්සවයකට දරුවා පැමිණ ඇති අතර එහි සෙල්ල්ලම් කරමින් සිටියදී දරුවා අතුරුදන් වී තිබුණා.

පසුව දරුවා අතුරුදහන් වීම සම්බන්ධයෙන් දරුවාගේ දෙමව්පියන් පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පොලීසිය හා වතු කම්කරුවන් එක්ව අද (18) සිදු කළ මෙහෙයුමකදී දරුවා ළඳු කැළෑවක අතරමංව සිටියදී සොයාගෙන තිබෙනවා.

දරුවා වැඩිදුර පරික්ෂණ සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.