27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ මවක් අත්අඩංගුවට

තම දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ මවක් අත්අඩංගුවට

තම බාලවයස්කාර දැරියන් දෙදෙනාගේ නිරුවත් ඡායාරුප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා වට්ස්ඇප් මාර්ගයෙන් විවිධ පුද්ගලයින්ට යවා මුදල් ලබාගත් මවක් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි මවක්.

පොලීසිය පැවසුවේ මෙම සැකකාර මව විසින් සිය වයස අවුරුදු 06 සහ 13 යන වයස්වල පසුවන දියණියන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන මෙලෙස වෙනත් පුද්ගලයින් වෙත යවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් 13 හැවිරිදි දැරිය විසින් පොලිසියට සිදුකළ දැනුම්දීම මත සැකකාර මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මවගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එලෙස ලබාගත් ඡායාරූප කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර දැරියන්ගේ ඡායාරුප සහ වීඩියෝ දර්ශනවලට අමතරව සැකකාරියගේ ඡායාරූපද එලෙස වට්ස්ඇප් මාර්ගයෙන් විවිධ පුද්ගලයින්ට යවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එමෙන්ම නඩුව අවසන්වන තුරු දියණියන් දෙදෙනා පරිවාස භාරයේ රඳවා තැබීමට ද නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.