කොළඹ දිස්ත්රික්කයේ ජල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
කෙසේනමුත් ජල සැපයුම යථා තත්වයට පත් කළ ද වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවලදී තාවකාලිකව අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් විය හැකි බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්රදේශයේදී ඊයේ (17) අලුයම් කාලයේදී මෝටර් රථයක් ජල නළයේ ගැටීමෙන් නළය පුපුරා ගොස් තිබුණා.
ඒ හේතුවෙන් කොළඹ ප්රදේශ රැසක ජල සැපයුමද ඇණහිට තිබුණා.