26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට බුදු දහම දායාද කරමින් ලංකාගමනය සිදු කළ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහොය අදයි.

පෙහෙවස් සමාදන් වෙමින් දාන, ශීල, භාවනා ආදි ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කරමින් දිවයිනේ සියලුම බෞද්ධ ජනයා මෙම දිනය ඉතා බැතියෙන් සිහිපත් කරනු ලබනවා.

අනුබුදු මිහිඳු හිමියන් ඇතුළු පිරිවර දඹදිව සිට මෙරටට පැමිණ සම්බුදු රජාණන් වහන්සේ ලොවට වදාළ බුදු දහම ශ්‍රී ලාංකික ජනතාව වෙත දේශනා කරනු ලබන්නේ අද වැනි දිනකයි.

ධර්මය රැගෙන මිහින්තලා ගල් කුල මතට වැඩම කළ මිහිඳු හිමියන් එවක රජ කළ දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිසට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දෙසුවේද අද වැනි පොසොන් පොහොය දිනකය.