28 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොසොන් පොහොයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසොන් පොහොයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසොන් පොහෝ දිනයේදී දිවයින පුරා විහාරස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව විහාරස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසක් යොදවා තිබෙනවා.

පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ 400 ක්, යුද හමුදා නිලධාරීන් 700 ක්, ප්‍රජා පොලිස් සාමාජිකයන් 27,000 ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දිවයින පුරා පොසොන් කලාප 322ක් සංවිධාන කර ඇති අතර පොසොන් දන්සල් 5,200කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා.