24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsEPF ඩිජිටල් වෙයි

EPF ඩිජිටල් වෙයි

මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදීයි මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා යෝජකයන් ලියාපදිංචි වීමෙන් පසු අදාළ අර්ථසාධක අරමුදල් මහ බැංකුවට ගෙවීම් සිදු කරන බවත් මහ බැංකුවෙන් සෑම මාස 6කට වරක් ගෙවීම් පිළිබඳව දත්ත කම්කරු දෙපාර්තමේන්තුවට ලබාදෙන බවත්ය.

එහිදී කාරක සභාව පෙන්වා දී ඇත්තේ මාස 6කට වරක් දත්ත ලබාගැනීම වෙනුවට මේ සම්බන්ධයෙන් නිරන්තර යාවත්කාලීන විය හැකි පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතුවිය යුතු බවයි.

ඒ අනුව ඩිජිටල් දත්ත පද්ධතියක් වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් ලබාදී ඇති මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි භාවිත නොකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.