― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsසීගිරිය පෞද්ගලීකරණය කළ යුතුයි - වනවාසී රාහුල හිමි

සීගිරිය පෞද්ගලීකරණය කළ යුතුයි – වනවාසී රාහුල හිමි

මෙරට තුළ දෙස් විදෙස් සංචාරකයින් සංචාරය කරන පූජනීය ස්ථාන හැර, සීගිරිය වැනි සංචාරක ස්ථාන පෞද්ගලිකකරණය කළ යුතු බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (24) පෙරවරුවේ නාමල් උයනේ පැවති මාධ්‍ය හමුවකදීය.

දේශපාලඥයෝ මේ රටට හරිම හානියක් කරලා තියෙන්නේ. හැම ආයතනයකම අතිරික්තයක් තියෙනවා. ඒවායේ කොයිතරම් උගත්තු ඉන්නවාද, රජයට බැරිද සාමාන්‍ය පෙළ පාස් වුණ කෙනාගේ සිට උපාධිධාරියා දක්වාම මේ හැම කෙනෙකුටම යන්න පුලුවන් ලෝකයේ ඕනෑ තරම් රටවල් තියෙනවා. රැකියා දෙන්න පුලුවන්. රජයට පුලුවන්නේ දෙයියනේ, විදේශ කටයුතු අමාත්‍යංශය, ඒ රටවල් වල ඉන්න තානාපතිවරු සම්බන්ධ කර ගෙන, කම්කරු අමාත්‍යංශය සම්බන්ධ කර ගෙන හැමදාම උද්ඝෝෂණ කරනවා රස්සා නෑ කියලා, උද්ඝෝෂණ කරනවා අරක දීපල්ලා, මේක දීපල්ලා කියලා. මොකටද මේවා කරන්නේ, ඒ රටවල්වල තියෙන රස්සා ටික දෙන්න කථා කරලා, ඔය ඉන්න උගත්තු ටික, සාමාන්‍යය පෙළ සමත් වුණ විශේෂ දක්ෂතා තියෙන දරුවන්ව යවපල්ලාකෝ පිටරට, මේවා නොකරන්නේ, මේවාට කොමිස් ඔ්න, හැමදාම කියනවා රජයේ වැටුප් ගෙවන්න බෑ, රස්සා වල කට්ටිය වැඩියි කියලා.රස්සා වල කට්ටිය වැඩි වෙන එක පුදුමයක්ද දේශපාලඥයෝ රස්සා වලට පුරවන විදිහට. මම හෙට පාර්ලිමේන්තු ගියා නම් මං පිටිපස්සේ කොටසක් එනවා මමත් දානවා මගේ හිතවත් තැනකට පුරවනවා. ඒකේ පඩි ගෙවන්න පුලුවන්ද නැද්ද,? සේවකයෝ ප්‍රමාණවත්ද? මොකවත් හොයන්නේ බලන්නේ නෑ, ඒ අතිරික්තය ඇති වෙන්න දේශපාලඥයෝ තමයි වරද කළේ, ඒ නිසා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා මේ දේශපාලඥයෝ එක්ක සාකච්ජා කරලා විදේශ කටයුතු අමාත්‍යංශය එක්ක සාකච්ජා කරලා, කම්කරු අමාත්‍යංශය එක්ක සාකච්ජා කරලා විරැකියාවෙන් පෙලෙන උපාධිධාරීන්ට පිටරටවලට කථා කරලා රස්සා වලට යවපල්ලාකෝ එතකොට ප්‍රශ්නයක් නෑනේ, අනෙක් එක තමයි මේ රටේ තානාපති සේවයේ ඉන්න සමහර මිනිස්සු දේශපාලඥයොන්ගේ හෙංචයියෝ, උගත්තු දක්ෂයෝ තානාපතිකම් වලට යවන්නේ නෑ, ඒ මිනිස්සු එහේ හම්බ කර ගන්නවා. පවුලම ඒ රට වලට ගෙන්නා ගන්නවා. දරුවෝ එහේ පාසල් වලට දාගන්නවා. සුරසැප විඳිනවා, කෝටි ගණන් හම්බ කර ගෙන ඒ ගොල්ලන්ගෙ අවුරුදු ගාන ඉවර වෙලා එනවා.මේ ක්‍රමවේදයන් වෙනස් කරන්න අවශ්‍යයි. මේවා වෙනස් කරන තුරු ‌මේ රට ගොඩනගන්න බෑ.

දෙස් විදෙස් සංචාරකයෝ යන පූජනීය ස්ථාන හැර, සංචාරක ස්ථාන පවා පෞද්ගලිකකරණය කළ යුතුයි. සීගිරියට යන සුද්දන්ට හරියට වැසිකිලි පහසුකමක්වත් නෑ, කෝටි ගණනින් ටිකට් කඩනවා, ඇත්ත කථාව ඒක, වාහනයක් නවත්වන්න තැනක් නෑ, රට වටේම සුද්දන්ගේ ඉහ මොළ හූරාගෙන කන තත්වයක් තියෙන්නේ, සුද්දෝ එන්නේ හෝටල්වල ගිහින් සැප විඳලා ෆන් අරන් යන්න නෙමෙයි ඇත්ත කථාව. මේ රටේ තියෙන ලස්සන විඳගන්නයි ඔවුන් ලංකාවට එන්නේ. ඒ මිනිස්සුන්ට ආකර්ෂණයක් වෙන විදිහට සංචාරක අමාත්‍යංශයට, සංචාරක මණ්ඩලයට වගකීමක් තියෙනවා ඒ අවශ්‍යය කරන දේ කරන්න, සුද්දා ගෙනාපු මුදල් හොරකම් කරනවා නෙමෙයි නිසි විදිහට පහසුකම් සලසලා, ඒ මිනිස්සුන්ගේ හිත සංතෝෂ කරලා අරින්න ක්‍රමවේදයන් හදන්න ඔ්න, කළමණාකරණය කරන්න ඔ්න, එහෙම එකක් අපේ රටේ නෑ, මේවා හැම තැනකින්ම වෙනස් විය යුතුයි. මේ රට ගොඩනගන්න නම් නාස්තිය, දූෂණය, වංචාව අවම කරන්න අවශ්‍යයි. අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම්, ආයතනවලට දේශපාලන ගෝලයෝ පිරවීම් මේවා නතර කළ යුතුයි. ඒ අයට විදේශීය රටවල රැකියා ලබා දෙන්න කටයුතු කරන්න ඔ්න, මේ ක්‍රමය වෙනස් විය යුතුයි.එහෙම වුණොත් රට ගොඩනගන්න පුලුවන්.එහෙම නැත්නම් මොන දේශපාලඥයා ආවත්. කවුරු ජනාධිපති වුණත්, කොයි පැත්ත ආවත්, ජනාධිපතිවරණයෙන් පස්සේ ලබන අවුරුද්ද වෙන කොට මිනිස්සුන්ට කන්න නැතිව බෙල්ල වැල දාගන්න වෙනවා.මේ රටේ ජනතාව තමන්ගේ මිනී වලට හෙන ගහන විදිහේ වැඩ නොකර, තමන් හදපු දරුවන් වෙනුවෙන් කල්පනා කරලා තීන්දු තීරණ ගනියි කියලා මම හිතනවා.