28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහජ් වන්දනාව අතරතුර මියගිය ගණන ඉහළට

හජ් වන්දනාව අතරතුර මියගිය ගණන ඉහළට

මෙවර හජ් වන්දනාවට සහභාගී වූ බැතිමතුන්ගෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,301ක් පමණ මියගොස් ඇති බව සෞදි අරාබිය පවසනවා.

සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ අධික උෂ්ණත්වය හේතුවෙන් හා වයෝවෘද්ධ හෝ නිදන්ගත රෝගාබාධවලින් පෙළුණු අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සෞදි අරාබියේ සෞඛ්‍ය සේවය ලක්ෂ 05ක පමණ හජ් වන්දනාකරුවන්ට ප්‍රතිකාර කළ බව පවසන එරට සෞඛ්‍ය අමාත්‍ය ෆාඩ් අල්-ජලාජෙල් වැඩිදුරටත් සඳහන් කළේ හජ් වන්දනාවට බලපත්‍රය නොමැති 140,000 කට වැඩි සංඛ්‍යාවක් ඒ අතර සිටින බවයි.

මෙවර හජ් වන්දනා සමය උෂ්ණත්වය සෙල්සියස් අංශක 50කට වැඩි අගයක පැවති කාල සීමාවක් තුළ පැවතීම මෙම මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වසරේ මිලියන 1.8ක වන්දනාකරුවන් පිරිසක් හජ් වන්දනාව සඳහා සහභාගී වී තිබෙනවා.