― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමව්කිරි සිර වී බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

මව්කිරි සිර වී බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

මව්කිරි සිර වීම හේතුවෙන් දින 45ක් වයසැති බිළිඳියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් බලන්ගොඩ මූලික රෝහලෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ මව්කිරි සිර වීම හේතුවෙන් නිව්මෝනියාව වැළඳුණු බිළිඳියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

බිළිඳියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද අනාවරණය වී ඇත්තේ මව්කිරි සිරවීම හේතුවෙන් ඇති නිව්මෝනියා තත්ත්වයක් මත මෙම මරණය සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලන්ගොඩ, ලදුයාය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙව්මි නෙත්සරා නැමති බිළිඳියක්.