27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් ඇල්ලීමට ගිය නාවික හමුදා සෙබළා මරුට

ඉන්දීය ධීවරයින් ඇල්ලීමට ගිය නාවික හමුදා සෙබළා මරුට

යාපනය, නෙඩුන්දිව් මුහුදේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් ඇල්ලීමට ගිය නාවික හමුදා සෙබළෙකු ඉන්දීය ධීවරයින් එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නායක නමැති ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ සෙබළෙක්.

කෙසේනමුත් මෙම මෙහෙයුමෙන් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බෝට්ටුවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) පෙරවරුවේ නෙඩුන්දිව් මුහුදු තීරයේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව අල්ලා ගැනීමට කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නාවිකයින් පිරිසක් ගොස් තිබුණා.

ඉන්දිය ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඉන්දීය ධීවරයින් සහ නාවික හමුදාව අතර ගැටුමක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 10 දෙනා සහ ධීවරයින් පැමිණි යාත්‍රාව කන්ගසන්තුරේ නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් තිබෙනවා.

මියගිය නාවිකයාගේ මෘත දේහය යාපනය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දැනගත හැකි වනු ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.