26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකළුතරට පැය 12 ක ජල කප්පාදුවක්

කළුතරට පැය 12 ක ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශ කිහිපයකට අද (25) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවේ කළුතර ප්‍රදේශයේ ව්‍යාපෘතියක කටයුතු හේතුවෙන් අද පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.

ඒ අනුව වාද්දුව, මොරොන්තුඩුව හා කළුතර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති අතර මතුගම, පිලමිනාවත්ත, පයාගල, බේරුවල, බෙන්තොට හා අළුත්ගම යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.