30.6 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියණියට වැසිකිලි පිරිසිදුකාරක දියර පොවන්න හැදූ පියා අත්අඩංගුවට

දියණියට වැසිකිලි පිරිසිදුකාරක දියර පොවන්න හැදූ පියා අත්අඩංගුවට

තම දියණියට වැසිකිලි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත් කළ පියෙකු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට විදේශගතව සිටින බිරිඳ මුදල් නොඑවීම හේතුවෙන් කෝපයට පත්ව බිරිඳව බිය වැද්දවීමට මෙලෙස සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ හුංගම, බටඅත ප්‍රදේශයේ පදිංචි සැකකාර පියා විසින් තම වයස අවුරුදු 06ක දියණියට මෙලෙස වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට උත්සාහ කර ඇති බවයි.

දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (25) අඟුණුකොළපැලැස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.