27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලොරි - යතුරුපැදි අනතුරකින් තරුණයෙක් රෝහලේ

ලොරි – යතුරුපැදි අනතුරකින් තරුණයෙක් රෝහලේ

බුත්තල ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගර ආසන්නයේ දී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් උණවටුන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඔහු බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව යතුරුපැදිකරුගේ අධික වේගය බවයි පොලීසිය පවසන්නේ.

ලොරි රථයේ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.