27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිරෝධතාකරුවන් කෙන්යා පාර්ලිමේන්තුවට ගිනි තබයි

විරෝධතාකරුවන් කෙන්යා පාර්ලිමේන්තුවට ගිනි තබයි

කෙන්යාවේ ප්‍රශ්නගත බදු පැනවීමේ පනතකට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් ඊයේ එරට පාර්ලිමේන්තුවට ඇතුළු වී ඊට ගිනි තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පසුගියදා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙන් භාණ්ඩ සඳහා පැනවූ නව බද්දක් ඉවත් කළද මෙම පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

එවන් වාතාවරණයකදී බදු අයකිරීමේ පනත් කෙටුම්පත ඊයේ කෙන්යා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එය සම්මත කර ගැනීම වැළැක්වීම සඳහා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට ඇතුළු වූ අතර එහිදී එම පරිශ්‍රයේ කොටසකට ගිනි තබා ඇති බව සඳහන්.

සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා නිරුපද්‍රිතව ඉවත් කර ගත හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.