31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඉංගිරියේ ටිපර් රථ අනතුරක් - අයෙක් ජීවිතක්ෂයට

ඉංගිරියේ ටිපර් රථ අනතුරක් – අයෙක් ජීවිතක්ෂයට

ඉංගිරිය – පාදුක්ක මාර්ගයේ සිදු වූ ටිපර් රථ අනතුරකින් එක් අයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ තිදෙනකු ගමන්ගත් ටිපර් රථයක් ඉංගිරිය පාදුක්ක මාර්ගයේ ශාන්තපීතර හන්දියට ආසන්නයේදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොතුවිල්, නදුන් ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කසුන් සමීර උපශාන්ත නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.

ටිපර් රථයේ රියදුරු ද බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරට පත් මෙම ටිපර් රථය ශාන්ත පීතර හන්දිය පසුකර ඉදිරියට යාමේදී විරුද්ධ දෙසට ඇදී ගොස් පස් කන්ඩියක ගැටී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරට පත් ටිපර් රථය මාර්ගයේ විරුද්ධ දෙසට හැරෙවෙනවාත් සමගම සහයක ඉදිරිපස වීදුරුවේ වැදී, එයද ගැලවී එළියට විසිවී ඇත. බිමට වැටුණු සහායක ටිපර් රථයට යට වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරට පත් ටිපර් රථය ආපදා රථයකින් පොලිසිය වෙත රැගෙන එමෙන් සිටියදී මහ ඉංගිරිය ප්‍රදේශයේදී නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී එහි අසුන්ගෙන සිටි ත්‍රීරෝද රථ රියදුරුද තුවාල ලබා ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ටිපර් රථයේ රියදුරු ඇතුළු ඉදිරිපස ගමන් ගත් කිසිදු පුද්ගලයකු ආරක්ෂක පටි පැළඳ නොසිටීම මෙම අනතුරට හේතු වී ඇතැයි පොලිසිය පවසනවා.

අනතුර සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.