27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇහැළියගොඩ නායයෑමක් - නිවාස 08ක් යටවෙයි

ඇහැළියගොඩ නායයෑමක් – නිවාස 08ක් යටවෙයි

ඇහැළියගොඩ, ගැටහැත්ත, උඩුවක ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් නිවාස 08ක් සම්පූර්ණයෙන්ම යට වී ඇති බව අප වාර්තාකරු පැවසුවා.

ඊයේ සිට ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

අද පස්වරුවේ මෙම නාය යාම සිදුව ඇති අතර පවතින නාය යාමේ අවදානම සැලවීමත් සමඟ නිවැසියන් ඉන් ඉවත් වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ හේතුවෙන් කිසිදු ජිවිත හානියක් වාර්තා වී නොමැති බව සදහන්.

කෙසේවෙතත් නායයාම හේතුවෙන් පහළ ගැටහැති ඇල අවහිර වී ඇති අතර ඇල ඉහළ කොටසේ ද මේ වන විට නායයාමේ අවදානමක් පවතින බවද වාර්තා වනවා.