26.7 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වන ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසු වුණා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ (30) ඔහු මිය ගොස් තිබෙනවා.

මහජන ගෞරවය සඳහා ඔහුගේ දේහය පාර්ලිමේන්තුවේ තැන්පත් කර උපහාර දැක්වීමට නියමිතයි.

එමෙන්ම සම්බන්ධන්ගේ දේහය අවසන් කටයුතු සඳහා ඔහුගේ උපන් ගම වන ත්‍රිකුණාමලයට රැගෙන යාමට නියමිත බවත් වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පැවසුවේ දේහය පිළුබඳ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු පසුව දැනුම් දෙන බවයි.