27.8 C
Colombo
Friday, August 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන්යානයක් හදිසියේම බ්‍රසීලයට ගොඩබස්වයි

ගුවන්යානයක් හදිසියේම බ්‍රසීලයට ගොඩබස්වයි

ස්පාඤ්ඤයේ සිට උරුගුවේ බලා පියාසර කරමින් තිබූ එයාර් යුරෝපා ගුවන් සේවයට අයත් යානයක් බ්‍රසීලයේ හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

UX 045 නමති මෙම ගුවන් යානය ධාවනයේදී අධික කැළඹීමක් ඇති වී ඇති අතර මේ හේතුවෙන් ගුවන් යානය ආරක්ෂිතව සාඕ පාවුලෝ හි නටාල් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසියේ ගොඩ බැස්සු බව ගුවන් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

එරට වේලාවෙන් අලුයම 2.32 ට පමණ මෙම යානය හදිසි ගොඩබෑමක් ඉල්ලා ඇති බව සඳහන්.

මෙම හදිසි ගොඩ බෑම හේතුවෙන් 30 දෙනෙකු ගුවන් තොටුපලේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් අතර වැඩිදුර පරීක්ෂණ සඳහා තවත් 10 දෙනෙකු රෝහල් කරා පිටත් කර තිබෙනවා.

එයාර් යුරෝපා මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධියෙන් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා ඇති බවත් සුළු තැලීම් ඇති පුද්ගලයින් තීරණය කළ නොහැකි සංඛ්‍යාවක් සිටින බවත්ය.

ගුවන් යානය මැඩ්රිඩ්-බරාජාස් ගුවන්තොටුපළෙන් පිටත්ව ගොස් උරුගුවේ මොන්ටෙවීඩියෝ හි කැරස්කෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත යමින් සිටියා.