31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපැති බැම්මක් කඩා වැටී අයෙක් ජීවිතක්ෂයට

පැති බැම්මක් කඩා වැටී අයෙක් ජීවිතක්ෂයට

මීරිගම, දංඕවිට පාරේ නිවසක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටියදී ඒ අසළ තිබූ පැති බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැති බැම්ම කඩාවැටෙන අවස්ථාවේදී මොහු විල්බැරෝවකින් පස් ඉවත් කරමින් සිට ඇති අතර අනතුරට පත් පුද්ගලයා මීරිගම රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීරිගම, තවලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 63 හැවිරිදි වියේ පසු වූ මයිකල් රත්නායක නැමැති අයෙකි.

මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා මීරිගම, දංඕවිට ප්‍රදේශයේ නිවසක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී ඉදිකරමින් තිබූ නිවස පිටුපස තිබූ පැතිබැම්ම කඩා වැටීමේදී ඊට යට වී ඇති බවයි.

මෙම බැම්ම ඔහුගේ හිස මතට කඩා වැටී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව පස් ඉවත් කර යට වූ පුද්ගලයා මීරිගම මුලික රෝහල ට ඇතුළත් කර ඇතත් ඒ වන විට මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.