25 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසම්බන්ධන්ගේ දේහය ගුවනින් යාපනයට

සම්බන්ධන්ගේ දේහය ගුවනින් යාපනයට

අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන්ගේ දේහය අද (04) උදෑසන කොළඹ සිට යාපනයට රැගෙනවිත් තිබෙනවා.

ඒ උතුරේ ජනතාවට ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

ඔහුගේ දේහය ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.

අනතුරුව පලාලි ගුවන්තොටුපොළ වෙත රැගෙන ආර්. සම්බන්ධන්ගේ දේහය පලාලි සිට රථ පෙර්හැරකින් යාපනය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයට සහ යාපනය මධ්‍ය මහා විද්‍යලය අසළ පිහිටි තන්දෙයි සෙල්වා ශ්‍රවණාගරයට රැගෙනවිත් මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්පසුව හෙට (05) දිනයේදී නැවත පලාලි ගුවන්තොටුපොලෙන් ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් සම්බන්ධන්ගේ දේහය ත්‍රිකුණාමලය වෙතට රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.