27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසරසවි ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්

සරසවි ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්

2023 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය මගින් අයදුම් කිරීමේ අවසාන දිනය ජූලි මස 05 වැනිදා එනම්, හෙට දිනයෙන් අවසන් වනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2023 වර්ෂයේ අපොස උසස් පෙළ සමත් සිසුන් 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීම සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බවයි.

මෙතෙක් එම කටයුතු අවසන් නොකළ සිසුන් අදාළ අයදුම්පත විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් යොමු කරන ලෙසට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිහි කැඳවීමක් කර තිබෙනවා.